අනතුරු වෙන එක අහන්නත් දෙයක් ද?...පරික්ෂා කළ බස් රථ 28 න් 26 ක්ම ධාවනයෙන් ඉවතට

Sri Lanka Accident Srilanka Bus Sinhala news
By Kaushi Jun 03, 2025 04:05 AM GMT
Kaushi

Kaushi

Report

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් ඊයේ (02) දින හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස්රථ හදිසි පරික්ෂවකට ලක් කළ බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මෙම හදිසි පරික්ෂා කිරීම සිදු කර ඇත්තේ හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් ද සමඟ බව පවසයි.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

අඳාළ පරික්ෂාව ඔස්සේ ලංගම සහ පෞද්ගලික බස් රථ ද ඇතුළත්ව සම්පූර්ණ බස් රථ 28ක් පරික්ෂා කර තිබෙනවා.

එහිදී මෝටර් රථ පරික්ෂකවරයා විසින් එම බස් රථ අතරින් ලංගම බස් රථ 13ක් සහ පෞද්ගලික බස් රථ 13ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට කටයුතු ක‍ර ඇති බව සඳහන්.

බස් රථ මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්ත්වයක පවතීද යන්න සම්බන්ධයෙන් මෙම පරික්ෂාවේදී විශේෂ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව ධාවනයට නුසුදුසු එහෙත් ධාවනයට එක් කර තිබූ ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෙහිදී මෝටර් රථ පරික්ෂකවරයා කටයුතු කර ඇත.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

එමෙන්ම එසේ තාවකාලිකව ඉවත් කළ අඳාළ වාහනවල ඇති අඩුපාඩුකම් දවස් 14ක් තුළ දී අලුත්වැඩියා කිරීමෙන් පසු නැවත මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ඉදිරිපත් කළ යුතු වේ.

එසේම අඳාළ පරික්ෂාවේදී ඇතැම් බස් රථවල රියදුරන්ට මගීන්හට අන්ත්‍රාදායක අයුරින් වාහනයේ සවිකර තිබුණ උපාංග ගලවා ඉවත් කරන ලෙසට උපදෙස් දී ඇත.

එසේම අඳාළ උපාංග ගලවා නැවත එම බස් රථ මෝටර් රථ පරික්ෂකවරයාට පෙන්වන තුරු එම බස් රථවල වාර්ෂික ආදායම් බලපත්‍රය නුවරඑළිය පොලිසිය භාරයට ගෙන ඇති බවද පවසයි.

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන

මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් සැලසීමේ අපේක්ෂාවෙන් මෙම හදිසි පරික්ෂාව සිදුකළ බවයි.

තවද මෙවැනි පරික්ෂාවන් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවටම සිදු කරන බව ද ඔහු පවසා ඇත. 

සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක්

සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක්

ReeCha