සේවිකාවන් 25ක් වහාම රෝහල්ගත කරලා.. වැඩ කර කර ඉන්නකොට වෙලා තියෙන දෙයක්..
Hospitals in Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
ඇඟලුම් කම්හලක සේවිකාවන් 25 දෙනෙකු පමණ හදිසි අසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ මහියංගනයේ ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක ය.
ඊයේ (30) රාත්‍රි සේවා මුරයේ නිරතව සිටියදී ඔවුන් මෙලෙස අසනීප වි ඇත.
ඒ අනුව, වමනය සහ උදරාබාධ තත්ත්වයන් මතු වීමත් සමඟ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන්ට පෙර දින රාත්‍රියේ ලබා දුන් ආහාරයක් නිසා මෙම තත්ත්වය මතුව ඇති බවට සෞඛ්‍ය නිළධාරීන් සැක පළ කරයි.
