ඉදිරි පැය 24 මුහුදු යන ඔබට මීට සුළු මොහොතකට පෙර නිවේදනයක්
ඉදිරි පැය 24 ට රට වටා වන මුහුදු ප්‍රදේශ සඳහා අද(24) ප.ව. 2.00 ට කාලගුණ අනාවැකියක් නිකුත් කර ඇත.
ඒ අනුව කොළඹ සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
එමෙන්ම සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා වන දිශාවලින් හමා එන බව සඳහන්. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා වැඩි විය හැකි බව සඳහන්.
ඊට අමතරව කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වන බව දක්වයි.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව සඳහන්.