T20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශය එළියට විසි කරපු ICC තීරණය
T20 ලෝක කුසලාන 2026 තරඟාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ බංග්ලාදේශය, ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
එබැවින් Group C කාණ්ඩය සඳහා ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය දූපත්, ස්කොට්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම ඇතුළත් වන බව සඳහන්.
ඊට අමතරව මින් පෙර වාර්තා වී තිබුණේ එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශය ක්‍රීඩා නොකළහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සිදුවන අලාභය එරට ක්‍රිකට් ආයතනයෙන් අයකර ගැනීමට ඉඩ ඇති බවයි.