හය ශ්‍රේණියේ ළමයින්ගේ දෙමාපියන් පිරිසක් එකපාර සජිත් හමුවට ඇවිත් - හේතුව මෙන්න
හය ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේදීම ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා එම සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් ඊයේ (23) දින විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් එහිදී ඉල්ලා සිටියේ දෙවැනි වාරයේදී හෝ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහය දෙන ලෙසටයි.
එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ තීරණය සමග සමීපව කටයුතු කරමින් සෑම දෙනාටම පිළිගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.
කෙසේ වෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇතැම් පිරිස් විරෝධය දක්වන අතර තවත් පිරිසක් එම ප්‍රතිසංස්කරණ ලබා දෙන මෙන් ඉල්ලා සිටියි.