ICC සහ බංග්ලාදේශ ක්‍රිකට් පිල සීතල යුද්ධෙක - ක්‍රීිඩා නොකළහොත් කරන්නේ මේකයි ICC එකත් තව දැඩි වෙයි
එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශය ක්‍රීඩා නොකළහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට සිදුවන අලාභය එරට ක්‍රිකට් ආයතනයෙන් අයකර ගැනීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේදී ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බව සඳහන්.
එසේම මෙම තත්ත්වය හමුවේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අහිමි වනු ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එබැවින් මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීිඩා නොකළහොත් 2028 වසරේ පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව බංග්ලාදේශ පිලට අහිමිව යනු ඇති බව ද සඳහන්.