ඉන්දුනීසියාවේ තවත් දරුණු නාය යෑමක් පුද්ගලයින් 7දෙනෙක් මිය ගිහින් , 82 දෙනෙක් අතුරුදන්
ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් තවත් 82 දෙනෙකු අතුරුදන්ව ඇත.
එම ප්‍රදේශයේ පැවති අධික වර්ෂාපතනයත් සමග අද (24) අලුයම 2.00ට පමණ මෙම නාය යෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ .
තවද නිවාස පෙළක් මතට පස් කඳු කඩා වැටී ඇති තිබෙන අතර නිවාස 30ක් පමණ නාය යෑමට හසුව ඇති බව වාර්තා වේ.
එරට බලධාරීන් සදහන් කර තිබෙනුයේ නායයෑම සිදුවන අවස්ථාවේ නිවැසියන් නින්දේ පසුවීම හේතුවෙන් මෙලෙස විශාල පිරිසක් පස් කන්දට යටවී ඇති අතර අතුරුදන්වූවන් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
බටහිර ජාවා ප්‍රදේශයට ඊයේ දිනයේ සිට සතියක කාලයක් තද වැසි ඇති වීමට හැකි බව ඉන්දුනීසියානු කාලගුණ බලධාරීන් විසින් අනතුරු හැගවීම් සිදු කර ඇත.