රාජ්‍ය සේවයෙන් පත්වීමක් එනකල් බලන් හිටපු අයට සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ හැමෝටම පත්වීම්
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත්, රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාම සඳහාත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති බව සඳහන්.
එබැවින් මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල යටතේ, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) 228 ක් සඳහා පත්වීම් ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන ජූලි 16 දින පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා පදනම ආයතනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එසේම සෞඛ්‍ය ක්ෂේත්රයේ දීර්ඝ කාලයකට පසු සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගනිමින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම වශයෙන් 627 දෙනෙකු සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 04 වන දින පත්වීම් ප්රදානය කර තිබුණා.
එමෙන්ම ඉතිරි සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් යටතේ ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව එළඹෙන ජුලි 18 දින සෞඛ්‍ය කාර්ය සහායක 600 ක්, අගෝස්තු 01 දින සෞඛ්‍ය කාර්ය සහායක 762 ක් වෙනුවෙන් පත්වීම් ලබාදීමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වේ.
තවද ඉදිරි දෙසතිය තුළ ඩෙංගු මර්දන සහායක 295 ක් සහ සුළු සේවා පාලක 121 ක් සඳහා වන පත්වීම් ප්රදානය කිරිමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් හා මඟපෙන්වීම මත මෙම මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති සහ පාර්ශවකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මෙම මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුම් ලබා දෙමින්, සම්පූර්ණයෙන්ම විනිවිධ භාවයකින් යුතුව මෙම පත්වීම් ප්රදානය කිරිමට සිදු කිරිමට පියවර ගැනීම ද විශේෂත්වයක් වේ.