සුව ඇමතිගෙන් මේ රාජ්‍ය නිලධාරීන්ට සුබ පණිවුඩයක් - ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක් සහ ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්

Report

අද (14) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකු සඳහා පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩසටහනකදීයි.

එම අවස්ථාවේදී රාජ්‍ය සෞඛ්‍ය සේවා කළමනාකරණ සහකාර තනතුර සඳහා 36 දෙනෙකු, ගබඩාකරු තනතුර සඳහා 27 දෙනෙකු, සුළු සේවා පාලක තනතුර සඳහා 06 දෙනෙකු සහ සෞඛ්‍ය කාර්ය සහයක තනතුර සඳහා 154 දෙනෙකුට පත්වීම් ලබා දී ඇත.

ඒ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපාලනමය මෙහෙයුම් හා සහායක සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින්.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ දිවයිනේ විවිධ රෝහල්වල සිදුකළ නිරීක්ෂණ චාරිකාවලදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වූ බවයි.

එබැවින් එම ගැටලුවලට විසඳුම් සෙවීමට රාජ්‍ය සේවයේ මානව සම්පත් අවශ්‍යතා සමාලෝචනය කර බඳවා ගැනීම් සිදු කිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම එම ක්‍රියාවලිය යටතේ අවශ්‍ය අනුමැතීන් ලබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් විධිමත්ව ක්‍රියාත්මක කර ඇති බවත් අනුමැතිය හිමිවූ තනතුරු වෙනුවෙන් අවශ්‍ය බඳවා ගැනීම් මේ වන විට අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා හෙළි කර ඇත.

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

රටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

එමෙන්ම මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600ක කණ්ඩායමක් බඳවා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තවද නව ස්ථීර පත්වීම්ලාභීන්ටද රජය ක්‍රියාත්මක කරන වැටුප් සංශෝධනවල ප්‍රතිලාභ හිමිවන බව කියා සිටි අමාත්‍යවරයා ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක්ද, ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්ද ලබා දීමට නියමිත බව සඳහන් කළා.

අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු කරන වෙනස - එළඹෙන 19 වන දින දිවයිනේ සියලුම පාසල් ආවරණය වන ලෙස පාසල් මට්ටමින් විශේෂ වැඩසටහනක්

අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු කරන වෙනස - එළඹෙන 19 වන දින දිවයිනේ සියලුම පාසල් ආවරණය වන ලෙස පාසල් මට්ටමින් විශේෂ වැඩසටහනක්

හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න

හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න