අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු කරන වෙනස - එළඹෙන 19 වන දින දිවයිනේ සියලුම පාසල් ආවරණය වන ලෙස පාසල් මට්ටමින් විශේෂ වැඩසටහනක්

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඊයේ (12) සහ අද (13) යන දෙදින දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන ලෙස මධ්‍යස්ථාන 100කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක බව සඳහන්.

මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු හා අපේක්ෂිත ප්‍රතිඵල, සංශෝධිත ජාතික විෂයමාලා රාමුව, අධ්‍යාපන පරිපාලනය, භෞතික සම්පත් සංවර්ධනය, පාසල් පාදක ඇගයීම් සහ සහතිකකරණය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

මෙහි අරමුණ අධ්‍යාපන පද්ධතියේ සියලු පාර්ශ්ව වෙත නව ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම සහ එම ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත ලබාදීම බව සඳහන්.

එසේම නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමද මෙහි තවත් අරමුණක් බව වාර්තා වේ.

මේ අතර, වැඩසටහන් මාලාවේ අවසන් අදියර වශයෙන් නොවැම්බර් 30 වැනි දින සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සුදුසු දින ගණනක් වෙන්කර එම පාසල්වල සියලුම සිසුන්ගේ දෙමාපියන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

අද ඔබට විශේෂ ගෞරවයක් සහ ඇගයීමක් - සුබෙන් සුබ වූ දවසේ ලග්න පලාපල විස්තරේ මෙන්න

අද ඔබට විශේෂ ගෞරවයක් සහ ඇගයීමක් - සුබෙන් සුබ වූ දවසේ ලග්න පලාපල විස්තරේ මෙන්න

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි