වැසිකිළි යන වෙලාවත් බලනවා.. සේවකයින් 300කට අධික පිරිසක් පාරට බහී - දැවැන්ත විරෝධතාවක්
නවසීලන්තයේ ගබඩා සේවකයින් 300කට අධික පිරිසක් විරෝධතාවක නිරත වී ඇති බව වාර්තා වේ. ඒ කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් සේවකයින්ගේ වැසිකිළි විවේක කාලය පවා නිරීක්ෂණය කරන බවට චෝදනා එල්ල කරමින් බව සඳහන්.
ඒ අනුව මෙම සතියේදී මෙසේ විරෝධතාවයේ නිරතව ඇත්තේ නවසීලන්තයේ විශාලතම සිල්ලර වෙළෙඳ සමාගමක් වන The Warehouse Group හි ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් නගරවල පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සේවකයින්.
ඔවුන් චෝදනා කරන්නේ AI තාක්ෂණයෙන් වැසිකිළි යන කාලය නිරීක්ෂණය කිරීම නිසා ඇතැම් සේවකයින්ට ගබඩා අංශ තුළම මළපහ කිරීමට සිදුවූ බවටයි.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
එසේම වෘත්තීය සමිති සංවිධායක හේලි කෝට්නි ප්‍රකාශ කර ඇත්තේ වැසිකිළි විවේක ලබාගන්නා සේවකයින්ට ඉහළ කළමනාකාරීත්වයෙන් අවවාද කිරීම් සිදුව තිබෙන බවයි.
එමෙන්ම ඇය දන්වා ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් මාස අටක පමණ කාලයක සිට සටන් කරන බවටයි.
ඊට අමතරව භාණ්ඩ තෝරාගැනීමේ කටයුතු සඳහා විශාල රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දී ඇති අතර, භාණ්ඩ තොග පරීක්ෂා කරන කණ්ඩායමේ ඇතැම් සේවකයින් වෙනුවට AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානා යොදාගෙන ඇති බවට ද ඇය චෝදනා කරයි.
කෙසේ වෙතත් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ කාර්යක්ෂමතාව ඉහළ නංවන තාක්ෂණයට සේවකයින් විරුද්ධ නොවූවත්, එම වෙනස්කම් හමුවේ තම රැකියාවල අනාගතය පිළිබඳ සහතිකයක් අවශ්‍ය බවටයි.