සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ - අද සහ හෙට දෙදින පැවැත්වෙයි
2026 වසර සඳහා සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (14) සහ හෙට (15) දෙදින මාතර සහ හම්බන්තොට හෙද විදුහල්වලදී පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ දෙදින පෙරවරු 8.30 සිට ආරම්භ වන අතර 2026 වසර තුළ මේ දක්වා සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ගාල්ල, ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන ප්‍රදේශවලදී සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.
රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්
මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට හෙද පුහුණුව සඳහා අවස්ථාව සැලසීම අරමුණු කරගනිමින් අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත හැකියි.
කටවහන් ඉන්න කියන්නකෝ බිමල් රත්නායකට... මෙයා මුළු පාර්ලිමේන්තුවටම අගෞරවයක්... ඉතිහාසයේම මෙයා තරම් පාර්ලිමේන්තුවේ නමයි කාලයයි කැත කරපු කෙනෙක් නෑ - බිමල් අර්චුනා උණුසුම් වචන හුවමාරුවක්
