ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් ඇතුළු ඩිජිටල් පෙරළියකට ශ්‍රී ලංකාව සැරසෙයි - කසකස්තානය සමඟ විශේෂ සාකච්ඡාවක්!
ශ්‍රී ලංකාවේ ජාතික කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, ඩිජිටල් මහජන යටිතල පහසුකම් සංවර්ධනය සහ AI පාලන රාමු සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී කසකස්තානයේ ජාතික AI දත්ත මධ්‍යස්ථානයේ ධාරිතාව, දත්ත ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක සත්කාරක පහසුකම් සහ ඒ වෙනුවෙන් රජය සිදුකරන ආයෝජන ආකෘතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.
දත්ත ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් රජයේ සෘජු ආයෝජනය යටතේ විශාල ජාතික දත්ත මධ්‍යස්ථානයක් ඉදිකෙරෙමින් පවතින බව කසකස්තාන නියෝජිතයන් මෙහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍ය දත්ත ධාරිතාව තක්සේරු කිරීම, විදුලි බල අවශ්‍යතා සහ ප්‍රාග්ධන ආයෝජන සම්බන්ධ තාක්ෂණික කරුණු හුවමාරු කර ගැනීමට ද දෙපාර්ශ්වය එකඟ වී ඇත.
කසකස්තානයේ 'Smart Bridge' ඒකාබද්ධතා වේදිකාව ඔස්සේ සෞඛ්‍ය, වෛද්‍ය, දේපළ සහ රාජ්‍ය සේවා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඩිජිටල් සේවා එකිනෙකට සම්බන්ධ කර ඇති ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
පුරවැසියන්ගේ කැමැත්ත මත පදනම් වූ මධ්‍යගත දත්ත හුවමාරු ක්‍රමවේදය, ජාතික දත්ත හුවමාරු පද්ධතිය (NDX) හරහා ක්‍රියාත්මක වන ආරක්ෂක හා වංචා වැළැක්වීමේ ප්‍රමිතීන් මෙන්ම ඒකාබද්ධ සත්‍යාපන රාමුවක් යටතේ ක්‍රියාත්මක වන SuperApp පද්ධතිය ද සාකච්ඡාවට බඳුන් වී ඇත.
තවද, හඬ සහ පෙළ භාවිතයෙන් රාජ්‍ය සේවා වෙත සෘජුව සම්බන්ධ වීමට පුරවැසියන්ට අවස්ථාව සලසන e-Gov GPT පද්ධතිය, රාජ්‍ය සේවකයන් සඳහා වන ආරක්ෂිත අභ්‍යන්තර GPT පද්ධතිය සහ කසකස්තානයේ දේශීය භාෂා ආකෘතිය වන KazLLM පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.
ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම පිටුපස පෞද්ගලික සමාගම් කරන දේ චන්දන සූරියආරච්චි හෙළිකරයි - රාජ්‍ය සමාගම් කලින් ආණ්ඩු විකුණලා
දිගු ටෙන්ඩර් ක්‍රියාවලීන් වෙනුවට පැහැදිලි නායකත්ව දැක්මක් යටතේ විශ්වාසදායී තාක්ෂණික හවුල්කරුවෙකු සමඟ සෘජුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කෙරෙහි කසකස්තානය අවධානය යොමු කර ඇති ආකාරය ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් ආර්ථිකය සහ AI යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් ශක්තිමත් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් ආරක්ෂිත, ස්වෛරීභාවය තහවුරු කළ සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රාජ්‍යයක් ගොඩනැගීමට වැදගත් පියවරක් වනු ඇති බව සඳහන් වේ.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, කසකස්තාන කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ අසෙම් කප්පාර් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී තිබේ.