හෙට සිට කෑම මිලත් ඉහළට - රයිස්, කොත්තු, බත් පාර්සල් සහ කෙටි ආහාරවල මිල වැඩි වන හැටි මෙන්න
By Kanchana
ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් හෙට (15) සිට රයිස්, කොත්තු සහ බත් පාර්සල්වල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමය අද (14) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කෙටි ආහාරවල මිලද රුපියල් 5කින් සහ රුපියල් 15කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර නිෂ්පාදන පිරිවැය වැඩිවීම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බවද සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.