ශ්‍රී ලාංකීක සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු ඊශ්‍රායලයට

Report

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2,149 දෙනෙකුට ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇත.

2025 ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ලාංකිකයින් 259 දෙනෙකුට රැකියා හිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අප්‍රේල් 28 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත කාන්තාවන් 7 දෙනෙකුට ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (25) සිදු කෙරිණි.

ඇමති නලින්දට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි

ඇමති නලින්දට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි

මේ අතර, ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 77 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබාදීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදු විය.

එයින් 28 දෙනෙකු අප්‍රේල් 28 දින සහ තවත් 49 දෙනෙකු අප්‍රේල් 29 දින ඊශ්‍රායලය බලා යාමට නියමිතය.

එම පිරිස සමඟ ලාංකිකයින් 180 දෙනෙකුට ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇත.

දළදා වදින්න එන්න එපා...පීකර් බැඳගෙන රට පුරා කියන්න..... වැඩ බලන පොලිස්පති

දළදා වදින්න එන්න එපා...පීකර් බැඳගෙන රට පුරා කියන්න..... වැඩ බලන පොලිස්පති

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන, පවිත්‍රතා හා නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන්නේ ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායලය අතර ඇති අවබෝධතා ගිවිසුමක් අනුව බැවින්, එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන්ට මුදල් ගෙවීමෙන් වැළකෙන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.