රටම බලන් ඉන්න, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද?. සුබ මොහොතින් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

රටම බලන් ඉන්න, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද?. සුබ මොහොතින් ලැබුණ ආරංචිය මෙන්න.. | 2024 Presidential Election

එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයක දී ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සඳහන් වේ.

"රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා නාමල්.." - වුණේ මොකක්ද?. ජනපති සටනට නාමලුත් එයි ද?. (PHOTOS)

"රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා නාමල්.." - වුණේ මොකක්ද?. ජනපති සටනට නාමලුත් එයි ද?. (PHOTOS)


පසුගියදා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත්කිරීමට තීරණය කළේ ය.

එම තීරණයත් සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත්, එලෙස ජනාධිපතිවරයාට සහය පළකිරීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන මේ වන විට කටයුතු කර තිබෙනවා.

ජනපතිගෙන් වහාම ගැසට්ටුවක් - එම ගැසට් නිවේදනයට අනුව මින් පස්සෙ වෙන දෙය මෙන්න.. (PHOTO)

ජනපතිගෙන් වහාම ගැසට්ටුවක් - එම ගැසට් නිවේදනයට අනුව මින් පස්සෙ වෙන දෙය මෙන්න.. (PHOTO)


ඒ අනුව නව සංවිධායකවරුන් යටතේ දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.