"රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා නාමල්.." - වුණේ මොකක්ද?. ජනපති සටනට නාමලුත් එයි ද?. (PHOTOS)
අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස නාමල් රාජපක්ෂගෙන් පාක්ෂිකයන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ඊයේ (05) හොරණ පැවති පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක්ව සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මාධ්‍ය සාකච්ඡාව අවසානයේ ඊට එක්ව තිබූ පාක්ෂිකයින් විසින් ය.

එහිදී එම පාක්ෂිකයින් පවසා ඇත්තේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හැකි එකම නායකයා නාමල් රාජපක්ෂ බවයි.