ආන්දෝලනයට ලක් කළ.. උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය අයෙම?.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ඊයේ (16) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැණින.
ඒ යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ එයට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව බව ය.
ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත් එම විභාගයේදී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම මාර්ගය මෙය පමණක් බව පැවසීය.
එබැවින් මෙම විභාගයේ දී යම් අසාධාරණයක් සිදුවුවොත් ඒ තුළින් මුළු ශිෂ්‍ය ප්‍රජාවටම අහිතකර බලපෑමක් එල්ල වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.
උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බව හෙළිවීමත් සමඟ එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට බලධාරීන් තීරණය කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ ප්‍රශ්න පත්‍රය සඳහා ද අලුතින් ප්‍රශ්න පත්‍රයක් ලබා දී විභාගය යළි පැවැත්විය යුතු බවත් අවධාරණය කර තිබෙනවා.
මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ අධිකරණය මගින් කළ දැනුම් දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බව ය.
එම නිර්දේශයන්ට අනුව පිටවූ බව කියන ප්‍රශ්න ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
කෙසේ වෙතත්, අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය අද දින තෙක් කල් තැබිණ.
You May Like This Video👇
.