අලුත් අවුරුදුද්දේ සියලුම නැකැත් වෙලාවන් අද(14) උදේ..නැකැත් සීට්ටුව මෙන්න.

Sri Lanka 2022 New year
By Aruna Apr 13, 2022 11:12 PM GMT
Aruna

Aruna

Report

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ උදාවට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. පුණ්‍ය කාලය හෙවත් නොනගතය අද (14) පූර්ව භාග 2.17 ට එළඹුණා..

මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඇරඹුණේ අප්‍රේල් 3 වන ඉරිදා අභිනව චන්ද්‍ර වර්ෂයට නව සඳ බැලීමත් සමගයි.

අලුත් අවුරුද්ද හිරු, සඳු සමග බැදුණු සොබා දහමට ලැදි සංස්කෘතික මංගල්‍යයක්.

මෙවර පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරිම ඊයේ (13) යෙදී තිබුණා.

කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වුණේ.

අවුරුදු උදාවට පෙර පුන්‍ය කාලය අද අලුයම 2.17 ට එළඹුණා. එය අද දින අපරභාග 3.05 දක්වා ක්‍රියාත්මක වන අතර ඒ අනුව, අද පූර්වභාග 2.17ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදිය යුතුයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමියන් වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් සමග එක්ව අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙවර අලුත් අවුරුදු උදාව සිදුවන්නේ අද පූර්ව භාග 8.41 ටයි.

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද පූර්වභාග 9.05 ට යෙදි තිබෙනවා.

රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් සහ උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කර ගැනීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ.

අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.

රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය සිදුකළ යුතු බව චාරිත්‍රවල දැක්වෙනවා.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වනදා පූර්ව භාග 7.04 ට යෙදී ඇති අතර, රැකි රක්ෂා සඳහා පිටත්ව යාම 18 වන සඳුදා පූර්වභාග 6.51 ට යෙදී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now