20-20 ලෝක කුසලානය හෙටින් ඇරඹෙයි...

Cricket Bangladesh Cricket Team Nepal National Cricket Team Papua New Guinea 2024 T20 World Cup Cricket Tournament
By Parami Dissanayake Jun 01, 2024 12:10 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

හෙට (2) ලොව ප්‍රබල කණ්ඩායම් 20ක් එක් ලෝක කුසලානයක් සඳහා තරග වදින පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් හි සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතව ඇත.

ක්‍රිකට් ලෝක කුසලානයක් අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙසින් වාර්තා අතරට එක්වන බව සඳහන් වේ.

තරගාවලියේ සමාරම්භක උළෙලින් අනතුරුව, ඇමෙරිකාව සහ කැනඩා කණ්ඩායම පළමු තරගය වෙනුවෙන් පිටියට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 6.00ට එම තරඟාවලිය ආරම්භ වීමට නියතමිතයි. එමෙන්ම, බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් ද හෙට තරග වැදීමට නියමිතව තිබේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ 33 දෙනෙකු මරුට...

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ 33 දෙනෙකු මරුට...

මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී A, B, C, D වශයෙන් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වේ.

එහි D කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මූලික වටයේ දී තරග වැදීමට නියමිතව ඇති අතර ඊට ඇතුළත් සෙසු රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය යි. ඒ අනුව, මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන පළමු තරගය ජූනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වේ.

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට...

ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට...

කෙසේ වෙතත්, දෙවැනි තරගය, 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ය.

එමෙන්ම මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන තෙවැනි තරගය 12 වැනිදා නේපාලය සමගින් පැවැත්වීමට නියමිතව ඇත.

තව ද,සිව්වන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන 17 වනදා නෙදර්ලන්තය සමගයි.

ReeCha