වසරකට ගෘහණියන් 20,000ක් සියදිවි නසාගන්නා රට..නවතම හෙළිදරව්ව මෙන්න..

By Sewvandhi Dec 16, 2021 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පවුල් ආරවුල් හෝ විවාහය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් හේතුවෙන් සෑම වසරකම ඉන්දියාවේ ගෘහණියන් 20,000ක පමණ පිරිසක් සියදිවි හානිකරගන්නා බවට අනාවරණය වී තිබෙනවා.

එරට ජාතික අපරාධ වාර්තා කාර්යංශය 1997 වසරේ සිට රැකියාව මත පදනම්ව වාර්ෂික සියදිවි නසාගැනීම් පිළිබඳ වන දත්ත සම්පාදනයට පියවර ගෙන ඇති අතර 2009 වසරේ දී ගෘහණියන් 25,092 දෙනෙකු දිවි හානිකරගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.

පසුගිය වසර තුළ පමණක් ගෘහණියන් 22,372 දෙනෙකු සියදිවි හානිකරගෙන ඇති අතර සෑම පැයකටම 61 දෙනෙකු දිවි හානිකරගන්නා බවයි කාර්යංශයේ දත්තවලින් පෙන්නුම් කර ඇත්තේ.

2020 වසරේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති එක් ලක්ෂ 53,052ක් වූ සියදිවි හානිකරගැනීම් අතරින් සියයටට 15ක් පමණ ගෘහණියන් බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now