කෝටි 20,000 ක බදු පොල්ලට වෛද්‍යවරුන්, නීතිඥයන්,උපකාරක පන්ති ගුරුවරුන්,දෛවඥයන් රැසක් හසුවෙයි.

Ranjith Siyambalapitiya Government Of Sri Lanka
By Wayomi Feb 19, 2023 08:02 AM GMT
Wayomi

Wayomi

Report

විවිධ ආයතන හා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වෙනවා.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ එලෙස ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගෙන් සියයකට ආසන්න පිරිසක් මේ වන විට මියගොස් සිටින බවයි.

කෙසේ වෙතත් ඇතැම් පාර්ශව මෙම හිඟ ණය මුදල් ගෙවීමට එකඟවී සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ.

ඔහු අවධාරණය කරන්නේ, හිඟහිටි ආදායම් අයකර ගැනීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මහභාණ්ඩාගාරය ඒ සඳහා වෙනම කණ්ඩායමක්ද පත්කර සිටින බවත්ය.

මේ අතර දේශීය ආදායම් බදු ආඥා පනත ගැළපෙන පරිදි යාවත්කාලින කර සංශෝධනය කර හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මීට අමතරව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලට අනුව විශාල වශයෙන් ආදායම් උපයන වෛද්‍යවරුන්, නීතිඥයන්,උපකාරක පන්ති ගුරුවරුන්,දෛවඥයන් ඇතුළු පිරිසක් කාලයක් තිස්සේ බදු ගෙවීම පැහැර හරිමින් සිටින බව සඳහන්.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...       

JOIN NOW