ප්‍රදේශ 2දී සිදු වු කෘර මනුෂ්‍ය ඝාතන.
නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා. ඊයේ (24) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ ඊරියගම, දම්පැලැස්ස ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසු වූ අයෙක් වන අතර අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (25) දිනයේ දී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ දෙදෙනෙකු අතර සිදුවූ ආරවුලක් අතර තුර එක් පුද්ගලයෙකු විසින් සිදුකළ තල්ලු කිරීමක දී අනෙක් පුද්ගලයා බිම ඇද වැටී හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (24) දින මෙම සිදුවීම සිදුව ඇති අතර 45 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (25) දිනයේ දී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |