ලෝකයේ සර්ප විද්‍යාඥයන් ශ්‍රී ලංකාවට.. මොකද්ද මේ වෙන්න යන්නේ..

Report

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ‘පළමු ලෝක සර්ප සම්මන්ත්‍රණය – 2026’ (1st World Congress on Snakes – 2026) හි සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

‘සර්පයින්, විද්‍යාව, විශේෂවල පැවැත්ම සහ ශ්‍රී ලංකාව’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා දේශීය හා විදේශීය විද්වතුන්, පර්යේෂකයන්, පරිසරවේදීන් සහ සර්ප විද්‍යාවට අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන් එක්වීමට නියමිත බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂවල විවිධත්වය, සංරක්ෂණය සහ ඒ සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

විභාග පාස් කරලා වැඩක් නෑ… මිනිස්කම දැනෙන පරපුරක් ඕනෑ - අගමැතිගෙන් පොරොන්දුවක්

විභාග පාස් කරලා වැඩක් නෑ… මිනිස්කම දැනෙන පරපුරක් ඕනෑ - අගමැතිගෙන් පොරොන්දුවක්

එමෙන්ම සර්ප විශේෂ සහ ඒවායේ පැවැත්මට එල්ල වන අභියෝග පිළිබඳව විශේෂඥයන් අතර අදහස් හුවමාරු කර ගැනීමටත්, නව විද්‍යාත්මක දැනුම බෙදාහදා ගැනීමටත් මෙම සම්මන්ත්‍රණය වේදිකාවක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් යුත් සර්ප සම්පත පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම සහ එම සම්පත සංරක්ෂණය කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ හා සංරක්ෂණ ක්‍රියාමාර්ගවල ඇති වැදගත්කම ඉස්මතු කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණක් බව සංවිධායකයෝ පවසති.

ශ්‍රී ලංකාව සතු සර්ප විශේෂ සම්බන්ධ දැනුම පුළුල් කිරීම මෙන්ම ජාත්‍යන්තර විද්වත් ප්‍රජාව සමඟ පර්යේෂණ හා සංරක්ෂණ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහාද මෙම සම්මන්ත්‍රණය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනට වෙන්න යන දේ - ‍රටටම දන්වා විශේෂ නිවේදනයක්

රටින් පිටවුණත් බේරීමක් නෑ.. ශිරන්ති ගැන නියෝජ්‍ය ඇමතිගෙන් සැර කතාවක්

රටින් පිටවුණත් බේරීමක් නෑ.. ශිරන්ති ගැන නියෝජ්‍ය ඇමතිගෙන් සැර කතාවක්