විශේෂ නිවේදනයක් - මේ විදිහට කෝපි වැව්වොත් රුපියල් 840,000 ක නව රක්ෂණාවරණයක්
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් දේශීය හා විදේශීය වෙළඳපොළ තුළ ඉතා ඉහළ වටිනාකමක් සහිත බෝගයක් වන කෝපි වගාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණින් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගත යුතු බැවින්, එම නිර්දේශයට යටත්ව සිදු කරනු ලබන කෝපි වගාවන්ට පමණක් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම මෙහිදී කෝපි පැළ සිටුවීමෙන් අනතුරුව ලබන පළමු වර්ෂ 03 වෙනුවෙන්, ඒ ඒ වර්ෂවලට අඳාළ රක්ෂිත මුදලින් 7% ක වාරික මුදලක් යටතේ රක්ෂණාවරණය නිකුත් කිරීමට නියමිතව ඇත.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
එබැවින් පළමු වර්ෂය වෙනුවෙන් රුපියල් 510,000/- ක් ද, දෙවන වර්ෂය වෙනුවෙන් රුපියල් 660,000/- ක් ද සහ තුන්වන වර්ෂය වෙනුවෙන් රුපියල් 840,000/- ක් ලෙස රක්ෂණාවරණ ලබාදීම සිදු වෙන බව සඳහන්.
තවද එම මණ්ඩලය සඳහන් කරන්නේ කෝපි වගා කිරීමේදී මුහුණ දීමට සිදුවන නියඟය, ගංවතුර, වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග, පාලනය කළ නොහැකි කෘමි උවදුරු සහ වෙනත් වන සත්ව හානි මෙම මූලික රක්ෂණාවරණය මඟින් ආවරණය කරන බවයි.
ඊට අමතරව අඳාළ නිවේදනයේ දක්වා ඇත්තේ එක් එක් ආවරණයක් වෙනුවෙන් රක්ෂිත මුදලින් 0.5% ක අමතර වාරිකයක් ගෙවීමෙන් හදිසි ගිනි ගැනීම් සහ නායයෑම් වැනි අමතර ආවරණ ලබා ගැනීමට ද කෝපි වගාකරුවන්ට මෙමඟින් අවස්ථාව සලසා දී ඇති බවයි.