දේශීය ආදායම් සංශෝධන පනත බලාත්මක වෙයි - මීට පස්සේ සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්යයි
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වෙනුවෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (03) දින සිය සහතිකය සටහන් කර ඇත. කෙසේ වෙතත් මෙම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වැනිදා පැවැත්වුණු අතර, එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
මෙම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මඟින් අරමුණු වී ඇත්තේ බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීමයි.
එසේම බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙහි අරමුණු වේ.
එමෙන්ම මෙම නව පනත මඟින් සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර වෙනුවෙන් ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කරන වංචාවක් ගැන හෙළිවෙයි - මහජනතාවට දැනුම්දීමක්