ලීක් වෙයි කියල බයයි ද? - Google, Facebook, Instagram පරිශීලකයින් මිලියන 184කගේ Login තොරතුරු කාන්දු වේ

Report

සයිබර් ආරක්ෂණ පර්යේෂකයන් අනතුරු අඟවනවා, Facebook, Google, Aplle, Microsoft, Netflix වැනි ප්‍රමුඛ තාක්‍ෂණ සමාගම්වල පරිශීලක නාම සහ මුරපද මිලියන 184කට වඩා අන්තර්ජාලයට කාන්දු වී ඇති බවයි.

අනාරක්ෂිත වෙබ් අඩවියක විද්‍යුත් තැපැල් ලිපින (Username), මුරපද (password), සත්‍යාපන URL මෙන්ම බැංකු, සෞඛ්‍ය සේවා සහ රජයේ වෙබ් අඩවිවල පිවිසුම් තොරතුරු ඇතුළු සංවේදී දත්ත සොයාගෙන තිබෙනවා. මෙය සයිබර් අපරාධකරුවන්ට සූරාකෑමට ලක්විය හැකි අවදානමක් ඇති කරනවා.

ගාමන්ට් එකක් වැහුවා කියලා මෙතන වැලෙපෙන්නේ දැයක් නැහැ.. ඒක ලොකු දෙයක් නෙමෙයි.. - ලක්මාලි

ගාමන්ට් එකක් වැහුවා කියලා මෙතන වැලෙපෙන්නේ දැයක් නැහැ.. ඒක ලොකු දෙයක් නෙමෙයි.. - ලක්මාලි

Infostealer වැනි අනිෂ්ට මෘදුකාංග හරහා මෙම දත්ත සොරකම් කර, ව්‍යාපාරික ලේඛන, ඔත්තු බැලීම සහ කප්පම් මෘදුකාංග ප්‍රහාර සඳහා භාවිතා කළ හැකි බවට පර්යේෂකයන් පවසනවා.

විශේෂඥයන් අනතුරු ඇඟවන්නේ, Facebook, Instagram, Snapchat වැනි සේවාවන් හරහා එකම පරිශීලක නාමය සහ මුරපදය භාවිත කරන්නන් වඩාත් අවදානමට ලක්වන බවයි. සයිබර් අපරාධකරුවන් ගිණුම් හරහා වංචා, අනන්‍යතා සොරකම් සහ මූල්‍ය හානි සිදු කළ හැකිය.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

දත්ත කඩකිරීම් වළක්වා ගත නොහැකි වුවත්, ශක්තිමත් මුරපද භාවිතය නිර්දේශ කෙරෙනවා. මෙම කාන්දුව සම්බන්ධයෙන් තාක්‍ෂණ සමාගම් සහ ආරක්ෂක පර්යේෂකයන් පරීක්ෂණයක් ආරම්ත කර තිබෙනවා.

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්