දෙවියනේ සෙල්ලම් කරමින් සිටි දැරිය වතුර බේසමකට වැටී මරුට

Report

කල්පිටිය මුසල්පිටිය ගම්මානයේ දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවුරුදු දෙයි මාස තුනක් වයසැති දැරියක් ජලය අඩක් පිරවූ භාජනයකට වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

දැරියගේ මිත්තනිය හදිසියේ මරණයට පත්වීම හේතුවෙන් පියා නුවරඑළියට ගොස් සිටිය අතර, මව දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවසේ නිදා සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

අනෙක් දරුවන් සමඟ මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරිය එහි තිබූ ජලය අඩක් පිරවූ භාජනයට වැටී ඇති බව සඳහන්.

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

මෙම සිදුවීම කිසිවකුගේ අවධානයට නොලක්වීම නිසා පැය දෙකකට ආසන්න කාලයක් දැරිය එම භාජනය තුළ සිට ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

පසුව අසනීපව නිදා සිටි මව අවදි වී දියණිය නිවසේ නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී, දැරිය ජීවිතක්ෂයට පත්ව සිටින අයුරු දැක තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී