මම ආවෙත් STF එකට ගහල තමයි - රැදවියෙක් STF නිලධාරීන් 3කට ගහලා

Report

ගාල්ල බන්ධනාගාරයේදී රැඳවියෙකු විසින් රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තිදෙනෙකුට සාපරාධි බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදී පහරදීම සම්බන්ධයෙන් රත්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ගාල්ල බන්ධනාගාරයට බන්ධනාගාර බස් රථයකින් ගෙන එන ලද රුවන් ප්‍රසාද් නැමැති රැඳවියා ගාල්ල බන්ධනාගාරයට ඇතුලු කිරීමට පෙර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තිදෙනෙක් මෙම රැඳවියා පරීක්ෂාවට ලක් කර තිබේ.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

එම අවස්ථාවේ මෙම රැඳවියා විසින් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී " මම ආවෙත් එස් ටී එෆ් එකට ගහල තමයි " යනුවෙන් පවසා අසල තිබු පුටුවලින් සහ යකඩ බටයකින් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට පහර දුන් බව⁣ට එක් නිලධාරීයෙකු විසින් රත්ගම පොලිසියට පැමිණිලි කර ඇත. රත්ගම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

විශ්‍රාම වැටුප් ගැන නිවේදනයක් - රජයේ සේවකයින්ට විශේෂ අත්තිකාරමක්

විශ්‍රාම වැටුප් ගැන නිවේදනයක් - රජයේ සේවකයින්ට විශේෂ අත්තිකාරමක්