විල්පත්තුව උද්‍යානයේ සතුන් දඩයම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Report

විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දී ගෝනෙකු හට වෙඩි තැබු දඩයක්කරුවන් දෙදෙනෙකු වනාතවිල්ලුව බිට්ටු වනජීවි කාර්යාලයෙ නිළධාරීන් අද (14 ) අලුයම අත්අඩංගුවට ගත් බව සදාහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 32 හා 34 වයස් සිමා වල සැකකරුන් දෙදෙනෙක් වේ.

තවද අදාල සැකකරුවන් දෙදෙනා විල්පත්තුව ජාතික වන උද්‍යානයට කලපුව දිගේ ධීවර යාත්‍රාවක නැගි ගගේවාඩිය දෙසින් විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඇතුල් වී ඉන්පසු වන උද්‍යානය තුළදි ගෝනාට වෙඩි තබා මරා ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් වන බව සදහන්ය.

යාපනයේ මන්ත්‍රීවරයෙකු ඉඩම් මංකොල්ල කනට බව පැමිණිළි

යාපනයේ මන්ත්‍රීවරයෙකු ඉඩම් මංකොල්ල කනට බව පැමිණිළි

තවද ඔවුන් දිර්ඝ කාලයක සිට විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ සැරිසරන වන සතුන් දඩයම් කිරීම් වල නිරත ව ඇති බව  වාර්තා වේ.

වනාතවිල්ලුව බීට්ටු වනජීවි නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම කර ඇති බවත් වනජීවි නිළධාරීන් වැටලීම් සිදුකරන විටදී වෙඩි තබා මරා සිටි ගෝනා ධීවර යාත්‍රා මගීන් ගොඩබිමට රැගෙන විත් මස් කරමින් සිටි බව කියයි.  

හදිසි මෙහෙයුමක් - රට පුරා වැටලීම් - 878දෙනෙකු අත්අඩංගුවට

හදිසි මෙහෙයුමක් - රට පුරා වැටලීම් - 878දෙනෙකු අත්අඩංගුවට