වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ සැනින් මෙරට තරුණයන්ට දෙන්න යන දේ..?
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම තරුණයන්ට ඡන්ද අයිතිය ලැබෙන පරිදි, ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ,ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිමට මෙමඟින් අවස්ථාව ලැබෙන බවයි. දැනට පවතින ක්‍රමය අනුව වසරේ ජූනි මස පළමු දිනට දින කිහිපයකට හෝ පසුව, වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අයට ඊළඟ වර්ෂයේ මැයි 31 දිනට පෙර ඡන්ද විමසීමක් පැවැත්වුවහොත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ලැබෙන්නේ නැහැ.
එහෙත් නව සංශෝධන අනුව විශේෂයෙන් තරුණ පරම්පරාවට තම ඡන්දය ඉක්මණින් ලියාපදිංචි කර ගැනීමේ අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා අද (2021.10.07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
“මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” සභාපතිවරයාද වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ, දත්ත බැංකුවක් මගින් සමස්ත ඡන්ද ක්‍රමයේම සියලු තොරතුරු එක්රැස් කර තැබීමේ ක්‍රියාදාමයක් පිළිබඳ, විශේෂ කාරක සභාව, මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
සම්පූර්ණ කතාව පහතින් ....
“ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා ,2021.10.07 දින පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව.
“මම, ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. එය ඉදිරිපත් කරමින් සඳහන් කරන්නට ඕනේ, රටේ ජනතාවගේ ස්වෛරී බලය, ඡන්ද බලය ආරක්ෂා කිරීම , වඩාත් පහසු කිරීම සඳහා , 1980 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්න තීරණය කරලා, මේ සංශෝධනයන් ඉදිරිපත් කරන බව. මේ සංශෝධනයන් අනුව, දැනට අවුරුද්දට එක් වාරයකට පමණක් සීමා වී තියෙන ඡන්ද ලියාපදිංචි කිරීමේ අයිතිය , කල් ඇතුව ලබාදීම සඳහා, එනම් 18 වයස සම්පූර්ණ වන තරුණයන්ට අවුරුද්දේ මුල් භාගයේ දී ඡන්දය ලියාපදිංචි කිරීමට හැකි වන ලෙස, ඡන්ද ලියාපදිංචි කිරීමේ අවස්ථාව සංශෝධනය වෙනවා.
යම් වර්ෂයක පෙබරවාරි මාසයේ 01 දින සිට මැයි මස 31 වෙනි දින දක්වාත්, ජූනි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 වෙනිදා දක්වාත්, ඔක්තෝබර් මස 01 දින සිට ජනවාරි මස 31 වෙනි දින දක්වාත් එසේ සංශෝධනය කිරීමේ අයිතිය ලැබීමෙන් ඡන්ද දායකයන්ට, විශේෂයෙන් තරුණ පරම්පරාවට, තම ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කරගැනීමේ අවස්ථාව මේ සංශෝධනය තුළින් විවෘත වෙනවා.
ඒ වගේම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදීම ප්‍රමාද වන ක්‍රියාදාමයකට ලක්ව තිබෙන , අපේ මැතිවරණ කොමසාරිස්වරයා මුහුණ දෙන එ් ගැටළු මේ තුළින් නිරාකරණය වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දත්ත බැංකුවක් මගින් මුළු මහත් ඡන්ද ක්‍රමයම, ඉදිරි කාලයේ සියලු තොරතුරු එක් කිරීමෙන් මෙයටත් වඩා පහසු කිරීමට.
දැනට “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” ද සාකච්ඡා කරමින් ඉන්නවා, මැතිවරණ කොමිසම සමඟ ඒ සම්බන්ධයෙන්. ඡන්දයේ තියෙන අයිතිය එලෙස ශක්තිමත් කිරීම මගින්, මේ රටේ ඡන්ද ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත්භාවයට පරිවර්තනය කරන්නට අවශ්‍ය දත්ත විස්තරයද, එලෙස ඡන්දදායකයන්ට ස්ථීර කර ගන්නට පුළුවන් කම මෙමඟින් ලැබෙනවා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |