දරුණු අනතුරකින් ජීවිතයක් නැති වෙයි
වරකාපොළ පොලිසිය වාර්තා කරන්නේ වරකාපොළ පොලිස් වසමේ අලව්ව අඹේපුස්ස මාර්ගයේ වාරියගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ අනුව මෙම අනතුර ඊයේ (15) දින සවස් කාලයේ හමුදා කැබ් රථයක් යතුරු පැදියක ගැටී සිදුව ඇති බව සඳහන්.
එසේම පොලිසිය සඳහන් කළේ අනතුරින් කැබ් රථයේ රියදුරු, යතුරු පැදිකරු, පසු පැදිකරුවෙකු හා පසු පැදිකාරියක බරපතළ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මිය ගිය බවයි.
එමෙන්ම මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වූ කිතුඹුල්ල, නව තල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
තවද පොලීසිය ප්‍රකාශ කළේ යතුරුපැදියේ තිදෙනකු ගමන් කර ඇති බවත් අනතුරින් පසු යතුරුපැදියෙන් විසි වී ගිය තරුණියගේ හිස තාර පාරේ වැදී බරපතළ තුවාල සිදු වී ඇති බවත් ය.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරන බව වාර්තා වේ.