හෝටලේ ඇතුළේ අවුරුදු 26යක තරුණයෙක්ගේ මළසිරුරක්
By Mithu
බලගල්ල ප්රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ මහවිලච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (15) දහවල් කාලයේ, දිවුලපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත ක්රියාත්මක වී මෙම විමර්ශන ආරම්භ කරන ලදී.
මරණයට හේතුව මේ වන විට තවම අනාවරණය වී නොමැති අතර, මහෙස්ත්රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කර ඇත.
දිවුලපිටිය පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.