රාජ්‍ය සේවකයන්ගේ රැකියාවට වින කරපු ට්‍රම්ප්ගේ තීරණයට උසාවියෙනුත් නියෝගයක්

Report

දිස්ත්‍රික් විනිසුරුවරියක් වන සුසාන් ඉල්ස්ටන් විසින් අමෙරිකානු රජය වසා දැමීම (shutdown) අතරතුර ෆෙඩරල් සේවකයින් විශාල ලෙස සේවයෙන් පහකිරීමේ සැලසුම් තාවකාලිකව අත්හිටුවන මෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ධවල මන්දිරය බලාපොරොත්තු වූයේ සේවකයන් 10,000 ක් සේවයෙන් පහ කිරීමටයි.

කෙසේ වෙතත් විනිසුරු ඉල්ස්ටන් විසින් සැන් ෆ්‍රැන්සිස්කෝහිදී මෙම තාවකාලික සීමා කිරීමේ නියෝගය නිකුත් කරන ඇති බව සඳහන්.

එසේම වියදම් සම්බන්ධ ගැටුමක් නිසා අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු සියලු සේවාවන් වසාදැමීම තුන්වන සතියටත් ක්‍රියාත්මකයි.

ජනපති පලා යයි රටේ පාලනය හමුදාව අතට උඩුයටිකුරු වූ රාජ්‍යය

ජනපති පලා යයි රටේ පාලනය හමුදාව අතට උඩුයටිකුරු වූ රාජ්‍යය

මේ අතර ට්‍රම්ප් ප්‍රතිචාර ලෙස ශ්‍රම බලකාය අඩු කරන බවට තර්ජනය කරමින් සිට අතර මෙම සේවයෙන් පහකිරීම් නීති විරෝධී සහ "සාමාන්‍ය නොවන" බවට කම්කරු සමිති මඟින් ගොනු කරන ලද නඩුවකට ප්‍රතිචාරයක් වශයෙන් මෙම නියෝගය ලැබී ඇත.

තවද වාර්තා වූ ආකාරයට සේවයෙන් පහකිරීම් පිළිබඳව සේවකයින් මුහුණ දුන් සංකීර්ණ තත්ත්වයන් විනිසුරු ඉල්ස්ටන්ගේ නියෝගයේ පිටු හතක සඳහන් කර ඇත.

එමෙන්ම සමහර සේවකයින්ට සේවයෙන් පහකිරීමේ දැන්වීම් ලැබී නොතිබුණේ, රජය වසා දැමීමකදී ප්‍රවේශ විය නොහැකි රජයේ ඊමේල් ගිණුම් වෙත එම දැන්වීම් යවා තිබීම හේතුවෙන්.

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

විනිසුරු ඉල්ස්ටන් පැවසුවේ මෙම තීරණය තම සෞඛ්‍ය රක්ෂණයට බලපානු ඇතැයි ගර්භනී සාමාජිකයින් හෝ වෙනත් සේවකයින් කනස්සල්ලට පත්වන බව සමිතිවලට අසන්නට ලැබී ඇති බවයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ සේවයෙන් පහකිරීමේ දැන්වීම් ලැබී ඇති අයට ඔවුන්ගේ ඉදිරි සේවය අවසන් කිරීමට සූදානම් විය නොහැකි බවයි.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔවුන්ට සහාය වන මානව සම්පත් (HR) කාර්ය මණ්ඩලය ද නිවාඩු දී තිබීමයි.  

ඇමරිකාවෙන් 500% ක බද්දක්

ඇමරිකාවෙන් 500% ක බද්දක්