හොර බැංකු වලට අහුවෙන්න එපා - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා පොලීසිය විසින් අන්තර්ජාලය භාවිතයෙන් ජංගම දුරකථන ඔස්සේ ආකර්ශනීය ලෙස දැන්වීම් පළ කර දුරකථන ඇමතුම් ලබා දෙමින් ඇපයකින් තොරව ක්ෂණික ණය මුදල් ලබාගත හැකි බව පවසා ණය ලබාදීම සඳහා ඉදිරිපත් වූ ආයතන විශාල සංඛ්‍යාවක් හදුනාගෙන ඇත.

එම ආයතන පොලී අනුපාතය හා ණය කාලසීමාව පිලිබදව දැඩි නොවන නිසා ණය ලබාගැනීමට බොහෝ පුද්ගලයින් කටයුතු කරයි.

අස්වැසුම ගැන සුභ ආරංචියක්

අස්වැසුම ගැන සුභ ආරංචියක්

එමගින් ඔවුන් විවිධ ප්‍රශ්ණ වලට මුහුණදී ඇති බවත් ණය මුදල ආපසු ගෙවීමේදී අධික පොලියක් ගෙවීමට සිදු වන බවත්, එම ආයතන විසින් ණය මුදල් නැවත අය කර ගැනීමට ණය හිමියන් පීඩාවට පත් කරන බවත් පොලිසිය අධීක්ෂණය කර ඇත.

මෙලෙස ඇමතුම් ලබා ගැනීම මෙන්ම අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරයන් සිදු කරන බවටද ශ්‍රී ලංකා පොලිසිය වෙත දෛනිකව පැමිණිලි ලැබී ඇත.

ඒ අනුව මෙවැනි ආකාරයට අන්තර්ජාලය සහ ජංගම දුරකථන හරහා ණය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විමසීමේ දී එවැනි බොහෝ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය නොකර ඇති බවටත්, ණය දෙන ආයතන සම්බන්ධයෙන් නියාමනය කිරීම සඳහා ගතයුතු ඉදිරි පියවර ගනිමින් සිටින බවත් වැඩිදුරටත් දැනුම්දී ඇත.

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

එබැවින් සෑම විටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින ආයතන වෙතින් මහජනතාව සිය මූල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලා සිටියි.