පාසල් තුළ විනය පවත්වාගෙන යන්න නව රෙගුලාසි නිකුත් කරන්න සූදානම්

Report

ශරීර දඬුවම් තහනම් කිරීම පිළිබඳව යෝජිත දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, පාසල් තුළ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට පවතින රෙගුලාසිවලට අවශ්‍ය වෙනස්කම් සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති මෙම පනත් කෙටුම්පතින් ළමයින්ට ශරීර දඬුවම් දීම නීති විරෝධී කිරීම සඳහා වන නීතිමය විධිවිධාන හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව සඳහන්.

හිත් පිත් නැති විදිහට පාසල් සිසුවියට දුන්න අමානුෂික දඬුවම

හිත් පිත් නැති විදිහට පාසල් සිසුවියට දුන්න අමානුෂික දඬුවම

තවද පනත් කෙටුම්පත නීතියක් බවට පත් වූ පසු මතුවිය හැකි ගැටලු මත පදනම්ව නව රෙගුලාසි නිකුත් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබුණද එවැනි පියවරක් ගනු ලබන්නේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් පමණක් බව පවසයි.

ඒ අනුව අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ,

“මෙම පනත් කෙටුම්පත තවම සම්මත වී නැහැ. කුමක් සිදුවේදැයි අප දන්නේ නැහැ. නමුත්, යම් ආකාරයකින් පනත් කෙටුම්පත සම්මත වුවහොත්, එයින් පැන නගින ගැටලු මත පදනම්ව විනය පවත්වාගෙන යාම පිළිබඳ නව රෙගුලාසි නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි එසේ කරන බවට දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. පනත් කෙටුම්පත සම්මත නොවන්නේ නම්, නව රෙගුලාසි නිකුත් කිරීමට අවශ්‍ය නැහැ. දැනට පවතින ඒවා ප්‍රමාණවත්” යනුවෙන්.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්