හිත් පිත් නැති විදිහට පාසල් සිසුවියට දුන්න අමානුෂික දඬුවම
දිනක් පාසල් නොපැමිණීමට කෝප වී පාසල් සිසුවියකට ලී පතුරකින් පහර දුන් ආණමඩුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙක් පිළිබඳව ආණමඩුව පොලීසිය විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය මඟින් එම පහරදීමට සම්බන්ධ විදුහල්පතිවරයා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කෑදැත්තෑව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දැරියක් බව සඳහන්.
ඒ අනුව ඇගේ මව්පියන් විසින් ආණමඩුව පොලීසියට පැමිණිලි කර තිබුණේ අදාළ සිදුවීමට මුහුණ දී ඇති දැරිය පෙර දින පාසලට නොපැමිණීම හේතුවෙන් කෝපයට පත්ව අසල තිබූ ලී පතුරක් රැගෙන විදුහල්පතිවරයා විසින් පහර කිහිපයක් ගසා ඇති බවයි.
මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව ප්‍රේමතිලක මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ. වන්නිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පවත්වන බව සඳහන්.