පල්ලියට වෙඩි තබා මෝටර් රථය තුළම දිවි නසාගත් 17 සහ 19 හැවිරිදි තරුණයින්
By Aylin Zoya
අමෙරිකාවේ සැන්ඩියාගෝ නගරයේ පිහිටි විශාලතම මුස්ලිම් පල්ලියක ඊයේ (18) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වේලාවෙන් රාත්‍රී 11.53ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු පල්ලිය ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 19ක් වන තරුණයින් දෙදෙනෙකු බව අනාවරණය වී තිබේ.
එක් සැකකරුවෙකු විසින් සියදිවි හානිකර ගැනීම පිළිබඳ සටහනක් ද තබා ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ අතර, මෙම වෙඩි තැබීම “ඉතා භයානක සිදුවීමක්” ලෙස හඳුන්වා දුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ විශේෂ අවධානය යොමුව ඇති බව ද ප්‍රකාශ කර තිබේ.