තරුණියක් සමග ලැගුම්හලක සාදයක් පැවැත්වූ තරුණයින් 16ක් කොටුවෙයි.

Police Gossip
By Thaya Feb 23, 2021 05:16 PM GMT
Report

හබරණ ප්‍රදේශයේ සංවිධානයකර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා.

හබරණ වැව් ඉස්මත්තේ පිහිටි ලැඟුම්හලක මෙම සාදය පවත්වා ඇති අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මොවුන් සංවිධානය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

හබරණ පොලිස් කොට්ඨාශ බුද්ධි අංශ නිළධාරීන්ට හා විශේෂ කාර්යාංශයේ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව කුරැණෑගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයින් 16 දෙනා හබරණ, කැකිරාව, ත්‍රිකුණාමලය, මාතර හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 22-28 වයස් සීමාවල පසුවන්නන්.

ඔවුන් අද (22) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.