ලියුමකුත් ලියලා..දොළොස් වන මහලින් පැන සියදිවි නසාගත් දැරිය ගැන තවත් තොරතුරු එළියට..

Report

වයස අවුරුදු 16ක දැරියක් කොළඹ මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් බිමට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ.

දැරිය සිය දිවි නසාගෙන ඇත්තේ ලිපියක් ද ලියා තබමින් බව‍යි,බොරැල්ල පොලීසිය සඳහන් කරන්නේ.

ඊයේ (10) රාත්‍රී කාලයේදී, වයස අවුරුදු 16ක පාසල් දැරිය බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන තිබුණි.

බොරැල්ල පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුබවත්‍ ය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති දැරිය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මියගිය දැරිය කලක පටන් මානසික ආතතියෙන් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බව දැරියගේ මව පොලිසියට පවසා තිබේ. දැරියගේ මෘතශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

……………………………………………………………………

You may like this video 👇