පාසල් දරුවන් දෙදෙනක්ට දිවි අහිමි කරමින් දෙහිවල කැළඹූ අත්බෝම්බ ප්‍රහාරය - විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක් [UPDATE]
දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පොලීසිය වාර්තා කළේ අද (11) දින අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි.
එහිදී මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණු අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක්.
එමෙන්ම තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ පියා වන 55 හැවිරිදි පුද්ගලයෙක් වේ.
මෙම සිද්ධියට අදාළව ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව සඳහන්.