හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුව හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) යට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.