ගලේවෙල කැකිරාව පාරේ බිහිසුණු අනතුරක්- 16 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට

Report

ගලේවෙල කැකිරාව මාර්ගයේ කිලෝමීටර් 21 කණුව ආසන්නයේදී කැකිරාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

පොලීසිය සදහන් කරන්නේ අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු හා වෑන් රථයේ රියැදුරු තුවාල ලබා ආඩියාගල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 16 ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මේ පිළිබද ගල්කිරියාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම