විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ලබන 4 වන දින කරන්න යන දේ
ශ්‍රී ලංකා නීතීඥ සංගමය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසුමක් සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එබැවින් එළඹෙන 4 වන දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුම් දෙයි.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව ඉකුත් දින රැස් වූ අතර එහිදී අදාළ යෝජනාව ක්‍රියාත්මක නොකරන මෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ඔවුන් තීරණය කර ඇත.
හෙට සිට බස් ගාස්තුවලත් සංශෝධනයක්.. අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් කරන දේ ගැන බස් සංගම්වලින් රතු එළි
එසේම ඒ පිළිබදව මහජන අදහස් ලබාගැනීම සඳහා ද යෝජනා වී තිබෙනවා. ඒ අනුව එළඹෙන 4 වන දින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමෙන් පසුව අදාළ මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අධිකරණ සේවා සංගමය ද මහ සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇත.
අඳාළ සංගමයේ විධායක සභාව මඟින් ලබන 11 වන දින මෙම විශේෂ මහ සභා රැස්වීම කැදවීමට තීරණය කර ඇති බව සඳහන්.