පොසොන් නිවාඩුවට දිය ඇලි බලන්න බයික් 15කින් ගිය තරුණයින්ට නෝර්ටන්බ්‍රිජ්හිදී වැඩේ වරදී

Report

පොසොන් පොහොය දිනයේ දිය ඇළි නැරඹීම සඳහා යතුරුපැදි 15කින් ගමන් කළ තරුණයින් පිරිසකගෙන් යතුරුපැදිකරුවන් තිදෙනෙකු නෝර්ටන්බ්‍රිජ් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් 30 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම, පොසොන් පොහොය නිමිත්තෙන් නෝර්ටන්බ්‍රිජ් හරහා ගාඩ්මෝර්, මරේ, ලක්ෂපාන සහ ඇබර්ඩීන් යන දිය ඇළි නැරඹීම සඳහා ගමන් කර තිබේ.

එහිදී නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරීන් විසින් එම යතුරුපැදි නතර කර පරීක්ෂා කිරීමේදී තරුණයින් තිදෙනෙකු පලාගොස් ඇති බව වාර්තා වේ. පසුව සිදු කළ ලුහුබැඳීම් හා පරීක්ෂණවලදී, එම යතුරුපැදිකරුවන් සතුව රියදුරු බලපත්‍ර නොමැති බව තහවුරු වී ඇති අතර, ඒ අනුව ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 වයස් කාණ්ඩයේ පසුවන තරුණයින් වන අතර, ඔවුන් අද (30) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.