මිල පාලනය කරන්න ගොස් ඇමෙරිකාව අමාරුවේ වැටෙයි

Report

අමෙරිකාවේ ප්‍රධාන උපායමාර්ගික තෙල් සංචිතය 1983 වසරෙන් පසු වාර්තා වූ අවම මට්ටමට පහත වැටී ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලින් අනාවරණය වී තිබේ.

එම දත්තවලට අනුව, සංචිතයෙන් තවත් බොරතෙල් බැරල් මිලියන 5.5ක් අඩුවී ඇති අතර, මේ වන විට ඉතිරිව ඇත්තේ බැරල් මිලියන 325.7ක් පමණි. මෙය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අවම තෙල් සංචිත ප්‍රමාණය ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලෝක වෙළඳපොළේ තෙල් සැපයුමට එල්ල වූ බලපෑම් හමුවේ ඉන්ධන මිල පාලනය කිරීම සහ වෙළඳපොළේ පවතින තෙල් හිඟය අවම කිරීමේ අරමුණින් අමෙරිකාව සිය උපායමාර්ගික සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 172ක් නිදහස් කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

එම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාවේ උපායමාර්ගික තෙල් සංචිතය දශක හතරකට ආසන්න කාලයකින් වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන මේ ලග්නවලට අද මිල මුදල් උතුරන ඉතා වාසනාවන්ත දවසක්

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන මේ ලග්නවලට අද මිල මුදල් උතුරන ඉතා වාසනාවන්ත දවසක්

ඩොලර් බිලියන 2ක් කුඩුයි - සෞදි පාපන්දු ලොක්කා එක රැයින් ගත් තීරණය මෙන්න

ඩොලර් බිලියන 2ක් කුඩුයි - සෞදි පාපන්දු ලොක්කා එක රැයින් ගත් තීරණය මෙන්න