රටම කතාවුණ ගල් අඟුරු ගණුදෙනු සෙවීමේ මහා මෙහෙයුම හෙට සිට- විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ සාක්ෂි කැඳවයි

Report

මෙරට සිදුවූ ගල් අඟුරු ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පූර්ණ බලැති ජනාධිපති කොමිසම හෙට (01) සිට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට එම කොමිසම වෙත පැමිණිලි 28ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීම සඳහා පැමිණිලිකරුවන්ට ලබා දී තිබූ කාලසීමාව අද (30) අවසන් විය.

ආණ්ඩුවට ආර්ථික වැඩපිළිවෙළක් නෑ කරන්නේ ජනතාව පිට බදු පටවන එක විතරයි– දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්

ආණ්ඩුවට ආර්ථික වැඩපිළිවෙළක් නෑ කරන්නේ ජනතාව පිට බදු පටවන එක විතරයි– දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්

මෙරට සිදු වූ සියලු ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ජනාධිපති කොමිසම පත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත කලාකරුවාගේ අවසන් කටයුතු පිළිබද දැනුම් දීම