ඉන්දුස් ජල ගිවිසුම උණුසුම් වෙයි - පකිස්තාන ඇමතිගෙන් දැඩි තර්ජනාත්මක ප්‍රකාශයක්

By Malith Madushan Jun 30, 2026 05:25 AM GMT
Report

ඉන්දුස් ජල ගිවිසුම (Indus Waters Treaty) සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇතිව ඇති ආතතිය තවදුරටත් උග්‍ර කරමින්, පකිස්තාන රජයේ අමාත්‍යවරයෙකු වන අමාත්‍ය මුසාදික් මලික් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

පකිස්තාන දේශගුණික වෙනස්කම් අමාත්‍ය මුසාදික් මලික් මෙලෙස සඳහන් කර ඇත්තේ, පකිස්තානයට හිමි ජලය අහිමි කිරීමට හෝ එයට බාධා කිරීමට උත්සාහ කරන පාර්ශවයන්ට “දැඩි ප්‍රතිචාර” දක්වන බවයි.

ඔහු පවසා ඇත්තේ, “අපගේ ජලයට අත තබන අයගේ අත් කපා දමනු ඇත” යන ආකාරයේ ප්‍රකාශයකි. පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඉන්දියාවට චෝදනා කරමින් සඳහන් කළේ, ඉන්දියාව පකිස්තානයට හිමි ජල ප්‍රවාහය පාලනය කරන බවයි.

පකිස්ථායෙන් ඇෆ්ගනිස්ථානයට දරුණු ප්‍රහාර - ජීවිත ඉහළටම

පකිස්ථායෙන් ඇෆ්ගනිස්ථානයට දරුණු ප්‍රහාර - ජීවිත ඉහළටම

එය තම රටේ ආහාර සුරක්ෂිතතාව, රැකියා සහ ආර්ථිකයට සෘජුව බලපාන බවද ඔහු ප්‍රකාශ කළේය. පකිස්තාන ජනගහනයෙන් 40–50%ක් පමණ කෘෂිකර්මය මත යැපෙන බවද ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම, ජල ගිවිසුම නොමැති වුවද ලෝකයේ වෙනත් ප්‍රදේශවල ජල ප්‍රවාහය පවතින බවද ඔහු සඳහන් කළේය.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, ඉන්දුස් ජල ගිවිසුම වටා ඇති ආරවුල තවදුරටත් උණුසුම්ව පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

1960 වසරේ ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් ඇතිකරන ලද ඉන්දුස් ජල ගිවිසුම, ඉන්දියාව සහ පකිස්තානය අතර ඉන්දුස් ගංගා පද්ධතියේ ජලය බෙදාහැරීම සහ භාවිතය නියාමනය කරමින් පැවති ගිවිසුමක් වේ.

ඇවිලුණු යුධ ගින්න කටාර් මැදිහත් වී නිවා දමයි - ඉරාන ඇමරිකා සාමය නැවතත්

ඇවිලුණු යුධ ගින්න කටාර් මැදිහත් වී නිවා දමයි - ඉරාන ඇමරිකා සාමය නැවතත්