ට්‍රම්ප්ව බෙල්ල මුලින් හිර වෙයි - බරපතළ ලිංගික අපයෝජන නඩුවට යළිත් වැරදිකරු වෙයි
ලේඛක ඊ ජීන් කැරොල්ට අපහාස කර ලිංගික අපයෝජනය කළ බවට තීන්දු කළ සිවිල් නඩුව සමාලෝචනය කරන මෙන් ඉල්ලා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
1990 ගණන්වලදී ට්‍රම්ප් තමාට ලිංගික අතවර කළ බවටත්, පසුව එම සිදුවීම සමාජ මාධ්‍යවල ප්‍රෝඩාවක් වශයෙන් නම් කළ බවටත් කැරොල්ගේ සිවිල් ප්‍රකාශය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාවක් 2023 දී ඇයට ඩොලර් මිලියන 5 (පවුම් මිලියන 3.6) ක වන්දියක් ප්‍රදානය කිරීමට කටයුතු කළා.
එහෙත් ට්‍රම්ප් එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර සිවිල් නඩු විභාගය අධීක්ෂණය කළ විනිසුරුවරයා ජූරි සභාව තමා දෙස බලන ආකාරයට බලපාන සාක්ෂි ඉදිරිපත් කිරීමට නුසුදුසු ලෙස ඉඩ දුන් බව නැවත නැවතත් කියා සිටියා.
මහජන ආරක්ෂාව වෙනුවෙන් කටාර් රාජ්‍යයට චක්‍රලේඛයක් - නැවත දැනුම් දෙන තුරු සියලු මුහුදු ක්‍රියා නවත්වයි
ඉකුත් වසරේ ජූරි සභාවේ තීන්දුවට එකඟ වූ ෆෙඩරල් අභියාචනාධිකරණයක් නව නඩු විභාගයක් අවශ්‍ය නොවන බව සඳහන් කළ අතර ඉන්පසු ට්‍රම්ප් ඉහළම අධිකරණයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් නඩුව නොපැවැත්වීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු විස්තරයක් ලබා දුන්නේ නැත. ජූරි සභාවේ ඒකමතික තීන්දුව අවලංගු කිරීම ට්‍රම්ප්ගේ අවසාන බලාපොරොත්තුව වූ අතර එයින් අදහස් කර ඇත්තේ කැරොල් වෙත ගෙවීමට ඔහුට නියම කරන ලද වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.
මේ අතර කැරොල්ගේ නීතිඥ රොබර්ටා කැප්ලාන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව "ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඊ ජීන් කැරොල්ට ලිංගික අතවර කර අපහාස කළ බවට ජූරි සභාවේ ඒකමතික තීන්දුව සදහටම තහවුරු කර ඇති බවයි.
එසේම ඇය තවදුරටත් සඳහන් කර තිබුණේ,"එම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට ඔහු දැරූ බහුවිධ උත්සාහයන් සියල්ලම අසාර්ථක වී ඇති අතර අද තීන්දුව ඔහුගේ ක්‍රියාවන්ට වගවීමෙන් වැළකී සිටීමට ඔහු දැරූ උත්සාහය අවසන් කරයි," යනුවෙන්.