ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය පැරගුවේ හමුවේ බිඳ වැටෙයි

By Malith Madushan Jun 30, 2026 03:49 AM GMT
Report

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජර්මනියේ ගමන අවසන් කිරීමට පැරගුවේ කණ්ඩායම සමත් විය.

ඒ පිළිමළුන් පිටුදැකීමේ වටයේ පැවති තරගයේදී පැරගුවේ කණ්ඩායම හමුවේ ජර්මනිය පරාජයට පත්වීමත් සමඟය. තරගයේ 42 වැනි මිනිත්තුවේදී ජුලියෝ එන්සිසෝ පැරගුවේ වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, 54 වැනි මිනිත්තුවේදී ජර්මනිය වෙනුවෙන් සමබර කිරීමේ ගෝලය ලබාගත්තේ කෛ හවර්ට්ස්ය.

නියමිත මිනිත්තු 90 අවසානයේදී දෙපිලම ගෝල 1-1ක් ලෙස සම මට්ටමේ පසුවූ බැවින් තරගය අමතර කාලය දක්වා දිගු කෙරිණි.

එහෙත් එම කාලසීමාව තුළද කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය. අවසන්  තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරුණේ දඬුවම් පහර මඟිනි.

ජපානයේ සියලු හදවත් බිඳ දමමින් බ්‍රසීලය පස් වෙනි වතාවටත් ශූරයන් වෙයි - සුපිරි ජයක්

ජපානයේ සියලු හදවත් බිඳ දමමින් බ්‍රසීලය පස් වෙනි වතාවටත් ශූරයන් වෙයි - සුපිරි ජයක්

එහිදී පැරගුවේ කණ්ඩායම සිය දඬුවම් පහර පහෙන් හතරක් සාර්ථක කරගත් අතර ජර්මනියට සාර්ථක කරගත හැකි වූයේ පහර තුනක් පමණි.

ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවන ජර්මනියට මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

2026 FIFA ලෝක කුසලාන 32දෙනාගේ වටයේ තරග කාලසටහන මෙන්න

2026 FIFA ලෝක කුසලාන 32දෙනාගේ වටයේ තරග කාලසටහන මෙන්න